අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් නැති නම් යම් හැඟීම් මාත්‍රයක උරුම කමක් විය හැකිය..
අවාසනාවක මහත..මෙලොව ඇත්තේ හට ගත් පමණින්ම භංග වන්නා වු දිය බුබුලුවන් ආශාවන්‍ය..දෙවරක් එක ලෙසම දැකිය නොහැකි ප්‍රපංචයන්ය.
සිත කය වුවද පොර බඳිමින් තමා වෙත ලං කර ගත්තා වූ කිසිවක් පරිසමාප්තියෙන්ම විද ගැනීමක් කොහේ හෝ ඇත්තේ නොවේ..අතුරුදන් හැගීම් පුබුදන්නට හැකි ජගත්තෙක් ජගත් තලයේම නොවෙ...
කුමක්ද එසේ නම් අතීතය හෝ අනාගතය..එවන්නක් නැත කිව හැකිය..එසේ නම් වර්තමානයක් අනඅනිවාර්යයෙන්ම ඇතැයි කිසිවෙකුට කිව හැකිද..මොන සමයමක්ද කාලය එක තැන තත්පරයක් හෝ නොරැදෙන කල එයද ඉකි ගසා සිනා සිය හැකි විහිලුවකි...😊😊
නුවන් සක්මන
Friday, March 27, 2020
Saturday, July 27, 2019
සමන් දේව වන්දනය හා බැඳි සම්ප්‍රදායන්
★කවුද මේ සමන් දෙවියො කියන්නෙ?
ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිට
මිනිසුන් අතර මහත් අභිමානයෙන් පුද ලබන දෙවි කෙනෙකු ලෙස සමුන සමන් දෙවියන් දැක්විය
හැකි ය. ඵමෙන්ම සමන් දෙවියන් සමන්ත කූට පර්වතයට අධිපතියාව සිටිි බවට ද සඳහනක්
පවතී. මෙම සමන් දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳව ද මත කිහපියක් පවතී. ඵනම් සමන් බොත්සැල්, මහා සුමන, යක්ඛ සුමන යන නම් වලින් හැඳින්වෙන අතර
බුදුන් දවස ජන ප්‍රධානියෙකූව සිටිි බවට ද මතයක් පවතී. තව ද සමන්ත භද්‍ර බෝධි
සත්වයන් ලෙස ද උපුල්වන් දෙවියන්ගේ මලනුවන් ලෙසත් රාම කුමරුගේ සහෝදරයකු වන ලක්ෂ්මන
බවට ද දීග නිකායේ සඳහන් වන යක්ඛ සුමන ලෙසට ද මතයක් පවතී. මහාචාර්ය සෙනරත් පරණ
විතාන මහත ාගේ අදහස වන්නේ සමන් දෙවියන් යනු යම දෙවියන් බවයි. මතු බුදු බව පතනවා යන
අඳහස ද මිනිසුන් අතර පවතින අතර උන් වහන්සේ සුදු පැහැති ශ්‍රී දේහයකින් හෙබි අතර
ඵක් අතකින් උපුල් මලක් ද අනෙක් අතින් දුන්නක් ද දරා සිටියි. තව ද රන් වස්ත්‍රාභරණයෙන්
සැරසී සිටින අතර හිසෙහි ඔටුන්නක් ද පැලඳ සිටියි. නරයන්ගේ දුකට බෙහෙවින් පිහිට වන
ඉතා කාරුණික දෙවියෙකු බවයි අතීතයේ සිට ම ජනයාගේ පිළිගැනීම වූයේ. එමෙන්ම මහා බල
පරාක්‍රමයෙන් යුතු යකුන් දමනය කිරීමේ හැකියාවෙන් යුතු එතුමාගේ වාහනය වන්නේ සුදු
ඇත් පැටියෙකි. මේ පිළිබඳව යාග ශාන්තිකර්ම කාාව්‍යයෙන් කියැවේ. එමෙන්ම සෑම පළාතකට ම
පාහේ අධිපතීත්වය දරන දෙවියෙක සිටින බව අතීතයේ සිට ම මිනිසුන්ගේ මතයයි. ඒ අනුව සුමන
සමන් දෙවියන් අධිපතීත්වය දරනු ලබන්නේ සබරගමු පළාතටයි. නමුත් උන් වහන්සේගේ
ආශීර්වාදය සබරගමු පළාතට සීමා නොවන බවත් මුළු මහත් ලෝකයටම උන් වහන්සේගේ අශිර්වාදය
පවතින බව කිව යුතු ය.
★තිස් තුන් කෝටියක් දෙවියන් ඉන්න ලෝකයක බෞද්ධයන් මෙන්ම
අන්‍යාගමිකයන් තුළ සමන් දෙවියන් ගැන මේ
තරම් භක්තියක් ඇති වෙලා තියෙන්න විශේෂ හේතුවක් තියෙනව ද?
ඹවු ,ඒකට විශේෂ හේතුවක් තමයි අද දහස් දෙනා වන්දනාමාන
කරන ශ්‍රී පාදස්තානය හදන්න සුමන සමන් දෙවියන්ගේ මුල් වීම. බුදුන් වහන්සේ පළමු වර
ලංකාවට පැමිනි අවස්ථාවේ සමන් දෙවියන් විසින් උන් වහන්සේ සිහි වීමට යමක් ඉල්ලූ විට
උන් වහන්සේ තම කේෂ ධාතුන් වහන්සේ ලබා දුන් විට එය මහත් ගෞරවයෙන් පිළිගත් එතුමා
ධාතුන් වහන්සේ නිධන් කොට චෛත්‍යයක් තැනූ බව ද සමන් දෙවියන්ගේ ම ආරාධනය පරිදි තෙවන
වර ලංකාවට පැමිණි අවස්ථාවේ රමණීය සමන් ගිර වර්ණනා කොට එහි මුදුනත උන් වහන්සේගේ
බැතිමතුන්ට වන්දනාමාන කිරීමට ශ්‍රී පාදය තබා යන ලෙසට ද ආරාධනා කොට ඇති බව සඳහන්
වේ. එමෙන්ම වන්දනාමාන කිරීමට එන බැතිමතුන්ට තමා ආරක්ෂාව සපයන බවට ද පොරොන්දු වී
ඇත. මෙසේ තබා ඇති ශ්‍රී පාද සටහන හින්දුන් විසින් ඊෂ්වර දෙවියන්ගේ ලෙස ද ක්‍රිස්තියානි, මුස්ලිම් ජනයා විසින් ආදම් ගේ යැයි
සිතා ද ඉතා ගෞරවයෙන් වන්දනාමාන කරයි.
★මේ තරම් ගෞරචයටපාත්‍ර වූ සමන් දෙවියන් වන්දනා කිරීමට රටේ විවිධ ස්ථාන
වල සමන් දේවාල ඉදි වෙලා තියෙනව නේ ද?
ඉතියහාසයේ සඳහන් වන අයුරින් සමන් දේවාල
තනා දේව පූජා පැවැත්වීම ආරම්භ වන්නේ පොළොන්නරු යුගයෙන් පසුවයි. ප්‍රධාන දේවාලය
සමනළ කන්දේ සාදා එයට සිවු කොනින් සතර දේවාල වශයෙන් නැුගෙනහිරින් මහියන්ගනය සමන්
දේවාලය ද, දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණයිගල සමන්
දේවාලය ද, බටහිරින් සපරගමු සමන් දේවාලයද පිහිටා
ඇත. මේ අතරින් සපරගමුව මහ සමන් දේවාලය වැදගත් තැනක් ගනී. ඒ මේ අතරින් ප්‍රධානම
දේවාලය ලෙස මෙය හඳුන්වන නිසාවෙනි. දඹදෙනි යුගයේ රජකල කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත
පරාක්‍රම බාහු රජුගේ නියොග්යකට අනුව තම මහා භාණ්ඩාගාරය ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රධාන
අමාත්‍යවරයා වූ ආර්්‍ය කාමදේව ඇමති වරයා
මැණික් ගැරීම සඳහා රත්නපුරයට පිටත් කර හැරි බවත් ඹහු සමන් දේවාලයට ගොස් බාරයක් දී
මැණික් ගැරීම ආරම්භ කළ බවත් ,එය ඉෂ්ට වී මැණික් ලැබ තම පැතුමන් ඉටු වීම නිසා රාජ්‍ය අනුග්‍රහය
ඇතිව මෙම ස්ථානයේ තෙමහල් මන්ධිරයක් කර වූ බවට ඉතිහාසයේ සඳහන් වේ.
★ඉතින් මේ ආකාරයට දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වන
සුමන සමන් දේව වන්දනය හා බැඳි සම්ප්‍රධායන් ගැන කතා කළොත්,
ඔවු ඇත්තෙන්ම එය ඉතා විශේෂයි. අතීතයේ
සිටම මහත් ගෞරවයෙන් ජනයා සමන් දෙවියනන්ව වන්දනා මාන කළා වගේම ඒ හා බැඳුණු සම්ප්‍රධායන්
ද අනුගමනය කරල තියෙනවා. සාමාන්‍යයෙන් සමන් දෙවියන් වනදනා කරන දිනය වෙන්නෙ සඳුදා වන
අතර දිශාව වන්නේ උතුරු දිශාවයි. වඩාත් සුදුසු මල් වර්ගය වන්නේ සුදු පහැති මල් ය.
“සුමන සමන් දෙවියන්ගේ නාමයෙන් ශ්‍රී පාද පත්මයට පූජා වේවා” යනුවෙන් වැඳීම මූලික ම දෙය බවට පත් වේ.
තුන් සරණය, හිමගත වර්ණනාව ,සමනල හෑල්ල වැන පැරරණි ග්‍රන්ථ වල සමන්
දෙවියන් වන්දනය පිළිබඳ විවිධ විස්තර අඩංගුව පවතී.
කෝට්ටේ සමයේ දි සමන් දෙවින් සතර වරම්
දෙවියකු යැයි සිතා මහත් ගෞරවයෙන් වැඳුම් පිදුම් කර ඇති අතර සපරගමු පළාතේ අය
විශෙෂ්යෙන්උන් වහන්සේට වන්දනාමාන කරයි. විශේෂයෙන්ම සමන් දේව වන්දනනය හා බැඳි සම්ප්‍රධායක්
වන්නේ සපරගමු පලාතේ ධන නිධානයක්
ලෙස සලකන මැනික් ඉලල්න් හෑරීමට පෙර
ඔවුන් සමන් දෙවියන්ගෙන් අවසර ලබා ගනී. මෙසේ
පුද පූජා පවත්වා බාර හාර වී ඉල්ලම් හෑරීම තුළින් මැණික් ලැබෙන බව ඔවුන්ගේ
අඳහසයි.
සෑම උදුවප් පුන් පොහෝ දිනකම ශ්‍රී පාද
වන්දනා සමය ඇරඹෙන්නේ ඊට කලින් දින සමන් දේවියන්ගේ රන් රුවත්, සඳුන් රුවත් ආභරණත් රන්සිළු ගෙයක
තැූම්පත් කර සිරිපා මළුවට වැඩම කිරීමෙන් පසුවයි. මෙය අතිතයේ සිට පැවත එන සම්ප්‍රධායකි.
ඇසළ සමන් දෙවියන්ට සබරගමු මහ සමන්
දේවාලයේ අත්‍යාලංකාර පෙරහැරක් ද පවත්වයි. සමන් දෙවියන්ට පූජා පැවැත්වීමේ දී බාර
හාර වීමේ දී අනෙකුත් දෙවි වරුන්ට මෙන් නීති පද්දති ද නොවේ.
අතීතයේ සිටම මේ ආකාරයේ සම්ප්‍රදායන්
සිදු කර ඇත. අතීතයේ මන්ත්‍රවේදීන් සිරිපා වන්දනයට ගිය පසු එහි දැල්වෙන දොලොස් මහේ
පහනින් තෙල් ගෙනවිත් එම තෙල් සුදු මල් යහනාවක් සදා පුර පක්ෂයේ බුධ දිනක මල් 7ක් මත තබා ගාථා පාඨයන් කියා මන්ත්‍රයක්
ජප කර ශරීර ආරක්ෂාවට නිවසේ සතර කොණ මුදුන් යට ලීයේ මංගල උළුවස්ස මත තැම්පත් කර ඇත. එයින් අනවිණ කොඩිවිණ භූත දෝෂ පහව යන බව
එවුන්ගේ අඳහසයි. මෙම තෙල් ලබා ගැනීමට පෙර ශ්‍රී පාදය දෝවනය කිරීම සම්ප්‍රධායයි.
ඉතිහාසයේ කියැවෙන අයුරින් සමන් දෙවියන්
හා බැඳි වතාවත් සම්ප්‍රධායන් සපරගමු මහ සමන් දේවාලය හා බැදී ඇති බව පවසයි.
සමන් දෙවියන් වැඳීමේදී සම්ප්‍රධායක් වශයෙන්
සිදු කරන දෙයක් වන්නේ දෙවියන් වැඳීමට පෙර බෞද්ධාගමික පුද සිරි’ත් වලට මුල් තැනක් ලබා දීමයි. එනම්
සියල්ලට පෙර තෙරුවන් වැදීම සිදු කරයි. මහ සමන් දොවාලය තුළ සිදු කෙරෙන කටයුතු දෙස
බැලීමෙන් ඒ බව පෙනෙයි.
සමන් දෙවියන් උදෙසා කෙරෙන සාම්ප්‍රධායික
පුද සිරිත් තේවාවන් අතර පහත ඒවා ප්‍රධාන
වේ.
දිනපතා සතිපතා
වාර්ෂික-ඇසළ පෙරහැර දුරුතු මස බක් මස කාර්තිය
වශයෙන් කොටස් 5කට බෙදා දැක්විය හැකි ය. දිනපතා පවත්වන
තේවාවන් 6කි. එනම්, අලුයම් දුරයේ තේවාව, හිල්ම තේවාව, මහ තේවාව, බොල පැන් තේවය, හැන්දෑ දුරයේ තේවාව සහ මහ තේවාව
වශයෙනි. දිනපතා පවත්වන පූජා
අලුයම් දුරයේ පවත්වන
තේවය මෙම තේවාව දිනපතා අලුයම 4.30ත් 5.00ත් අතර පැවැත්වෙන අතර මෙය සමන් දෙවියන් සඳහා
කෙරෙන ශබ්ද පූජාවකි. දවුල,
තම්මැට්ටම, හග්ගෙඩිය, හොරනනෑව වැනි වාදන භාණ්ඩ මේ සඳහා යොදා
ගනී. හිල්ම තේවය සමන්
දෙවියන්ට හීල් දානය පිදීම මේ නමින් හඳුන්වයි. එහිද අංග කිහිපයකි. ★දෙවියන්ගේ මුහණු සේදීම සඳහා පැන් ලබා
දීම “දියවඩම් තේවය”යි.
★මල් පූජා කිරීම “මල් තේවය”යි. ★දෙවියන් සහ දෙවොලට කට්ටකුමංජල් ආදී
සුවඳ දුම් ඇල්ලීම “හදුන් තේවය”යි. ★පහනක් අතින් ගත් ආලන්ති අම්මා කෙනෙකු
දෙවියන්ට ආවැඩීම “ආලන්ති තේවය”යි. මහ සමන් දෙවොලේ සෑම දාම උදෑසන
7.30ට ඝාන්ඨාරය නාද කරන අතර පසුව හේවිසි
නාදයය.ි මේ ශබ්ද පූජා මධ්‍යයේ දියවඩම් තේවය ඇරඹේ. ඉන් පසු මල් තේවය සහ ආලන්ති තේවය
සිදුකරන අතර පසුව ආලන්ති තේවය සිදු කරයි. දෙවියන් සඳහා පැන් පූජාව ඊට පසුවයි.
දෙවියන්ගේ මණ්ඬේ හෙවත් දෙවියන් ආහාර වැළඳු බදුන සෝදන්නේ ඒ පැන් වලිනි.“හිල්ම දානය” හෙවත් දෙවියන්ට “මුරතැන්” ලබා දෙන්නේ
ඉන් පසුවයි. මෙය ලබා දෙන්නේ විශේෂ
ආකාරයකට ය. මුරතැන් රාළ විසින් මුර තැන් ගෙනෙන අතර ඒවා භාර ගන්නේ බත් රාළ විසිනි.
ඔහු විසින් එය කපු මහතාට දෙන අතර දෙවියන්ට මුරතැන් ලබා දෙන්නේ කපු රාළ විසිනි.
මහ තේවය මහ තේවය යනු උදෑසන 9.30ට පමණ දෙවොලේ ඇති විහාරයට බුද්ධ
පූජාවත් දෙවියන්ට මුර පැන් පූජාවත්
පැවැත්වීම ය.
බොල පැන් තේවය පිරිසිදු
ජලය දෙවියන්ට පූජා කිරීම බොල පැන් තේවයයි. එම කටයුත්ත ඇරඹෙන්නේ පස්වරු 6.30ට පමණ ය. දෙවොලේ උඩ මලුවේ ඇති ඉපැරණි
ළිඳෙන් වතුර ගෙන ඒවා මුලුතැන් ගෙයි තැම්පත් කිරීම මෙහි දී සිදු වේ. ඇසළ පෙරහැර
සමයට මෙය තරමක් වෙනස් ආකාරයට පැවැත් වේ. හැන්දෑ දුරයේ තේවාව මෙය බුදුන් වහන්සේ උදෙසා ගිලන්පස පිදීමේ
චාරිත්‍රයයි. මහ තේවය මෙය සමන් දෙවියන්
වෙනුවෙන් පමණක් පැවැත් වේ. ඉහත කී අනු තේවයන් ද එයට අයත් වේ. දවස ගෙවී යද්දී එනම්
රාත්‍රී 9.30ට මෙය පවත්වයි. සමන් දෙවොලේ මෙම තේවයන්
දැනුදු පැවැත්වේ. අතීතයේ දී “දළුමුර” තේවයක් ද පවත්වා ඇත. මුරතැන් තේවාවෙන්
පසුව සමන් දෙවියන්ට සවුඳ සහිත බුලත් පූජා කිරීම දළුමුර තේවයයි අද මෙය අභාවයට ගොස්
ඇත. දෙවොලට එන බැතිමතුන්ට ද පූජා පැවැත්වීම
සිරිතයි. සතිපතා පවත්වන පූජා සෑම දවසකම කෙම්මුර දවස්වල බොහෝ පිරිසක් සමන්
දෙවියන් උදෙසා පූජා පවත්වයි. මෙම දිනවල සිදුකරන පූජා හරහා වැඩි ප්‍රතිඵල ලබා ගත
හැකි බව ඔවුන්ගේ අඳහසයි.
වාර්ෂිකව පැවැත්වෙන චාරිත්‍ර මේවා “කාර්ති මංගල්‍ය” නම් වේ. මෙය කොටස් 4කින් යුක්ත වේ. දුරුතු මහ කාර්තිය
බක් මහ කාර්තයි ඇසළ මහ කාර්තිය ඉල් මහ කාර්තිය යනුවෙනි. දුරුතු මහ කාර්තිය
මහ සමන් දේවාලයට අයිති එගොඩ බෙත්ම සහ
මෙගොඩ බෙත්ම වශයෙන් හදුන්වන ඉඩම් සහ කුඹුරුවල අස්වැන්න ගත් පසු “අලුත් සහල් මංගල්‍යය” පැවැත්වීම මේ නමින් හැඳින් වේ. අලුත්
සහලින් සමන් දෙවියන් පිඳීම මෙම මංගල්‍යයෙන් අදහස් කෙරේ. අලුත් සහල් මංගල්‍යය සඳහා වී කරල් කපන්නේ
උත්සවාකාරයෙනි. පෙරහැරෙහි ප්‍රධානත්වය දරන්නේ ප්‍රධාන කපු මහතා ය. වර්තමානයේ
පෙරහැර ගොස් එන අයට ලැගුම් ගැනීමට හුදෙකලා නිවසක් පිළියෙල කරයි. එම නිවස ඉදිරිපිට
මල් පැලක් ඉදිකරයි.පෙරහැරින් ගෙනා පලිහ, සඳුන් හෙප්පුව ආදී විශේෂ භාණ්ඩ එහි තැම්පත් කරයි. පහන් සහ හදුන් කූරු
දල්වා මල් පැල ඉදිරිපිට හේවිසි ශබ්ද පූජා පැවැත්වීම සිරිතයි. අලුත් සහලින් කරන
පූජාවන් මුලින්ම බුදුන්ටත් පසුව සමන් දෙවියන්ටත් පූජා කරයි. විශේෂ පූජාවක් ලෙස
මුරතැන් තේවයත් සමඟම “පස්පැණිත”සමන් දෙවියන්ට පූජා කරයි. සමන්
දෙවියන්ට මුරුතැන් පූජා කිරීමේදී වෙඩි හඩක් නැංවීම සිරිතයි. බක් මහ කාර්තිය මහ සමන් දේවාලයේ කෙරෙන තවත් වැදගත් චාරිත්‍රයක්
වන්නේ බක් මහ කාර්තිය හෙවත් අලුත් අවුරුදු උත්සවයයි. සෑම අප්‍රේල් මසකම නැකත්
එලඹෙන දවසේ සිට පුරා දවස් 5ක් පැත්වෙන මෙය “නානුමුර මංගල්‍ය” නමින් ද ඇතැම්හු හදුන්වයි.
මෙහි දී කෙරෙන වැදගත්ම චාරිත්‍රයක්
වන්නේ දෙවියන් නෑවීමේ චාරිත්‍රයයි. ඇසළ මහා කාර්තිය මෙයින් අර්ථ ගැන්වෙන්නේ ඇසළ
පෙරහැරයි.නිකිණි මස නික්ම යන්නට පෙර පවත්වන සමන් දේව වන්දනයේ ප්‍රධානම කටයුත්ත වන
ඇසළ පෙරහැරෙහි මූල්ිකම අරමුණ වන්නේ සමන් දෙවියන්ට උපහාර දැක්වීමයි.මෙය පෙරහැර 3කින් සමන්විත වේ. මුලින්ම කුඹල් පෙරහැර
දෙවනුව මහ පෙරහැර තෙවනුව දෙවොලේ පෙරහැර වශයෙනි. මේ හා බැදි සම්ප්‍රධායන්
කිහිපයකි.ඇතුලු කට්ටලේ සහ පිට කට්ටලේ, කප් සිටුවීම ආදියයි. සමන් දේවාල පෙරහැරට ආවේනික වූ මහ බඹා කෝලම මෙහි
දී විශෙෂ් වේ. ඉල් මහ කාර්තිය
සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන වාර්ශික උත්සව මාලාවේ අවසාන අංගය මෙය වේ.මෙය
පැවැත්වෙනනේ දෙසැම්බර් මාසයේ වන අතර ආරම්භය ඉල් මස පුර පසලොස්වක පොහොයට දින 4කට පෙර ය.එතැන් සිට දින 5ක් පුරා උඩ මලුව වටා මෙම පෙරහැර පැවැත්
වේ.
මේ අයුරින් දහස් දෙනාගේ ගෞරවයට සහ
වන්දනයට ලක්වන මහා ආනිසංසයෙන් සුමන සමන් දෙවු රජ වන්දනයේ සම්ප්‍රධායන් ඉහත සටහනේ
ලුහුඩින් විස්තර කර ඇත.
පෙරහැර ආශ්‍රිතව සහ විවිධ අංග ආශ්‍රිතව තවත් බොහෝ සම්ප්‍රධායන් සමන් දේව
වන්දන්ය හා බැදී පවතින බව කිව යුතු ය.
ආශ්‍රිත ග්‍රන්ථ
සමන් වෙහෙර සහ සබරගමු මහ සමන් දේවාලය
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර‐ජයන්ත හේරත්)
දිවයින
දළදා වරුණ
(ශ්‍රී දළදා මාලිගාව නකිුත් කරන බෞද්ධ සඟරාව)
විකිපිඩියා සිංහල විශ්ව කෝෂය
එහෙව් රටේ.......
ලෙක්චර් එක පටන්
ගන්න විනාඩි 10ක් විතර තියෙද්දි ලෙක්චර් හෝල් එකට ගියේ
ඒ වෙද්දි කිසිදු වැඩක් යෙදී නොතිබුණු නිසාවෙනි. වෙනදාට වඩා තෙහෙට්ටු ගතියකින් මුලු
ගතම වෙලා ගත්තේ ඉහළ එල්ලා තිබූ විදුලි පංකාවෙන් හමා ආ ඒ වියලි සුලඟද භාදාවක් සේ
දැනෙන අයුරිනි. ටිකෙන් ටික ශාලාවට ඇතුලු වූ ළමයින්ගේ ප්‍රමාණය කෙමෙන් වැඩි වන්නට
වි ය. ඔවුන්ගේ ගමන කලබලකාරී ය. ළමයි අතරින් හීන් සීරුවට ශාලාවට ගොඩ වු ඇය බැල්මෙන්
වික්ෂිප්ත ය. ගමනින් ශාන්ත ය. මහා නිධානයක් රකින්නියක මෙන් පපුවට තුරුලු කරගත්
පොත් මිටියද රැගෙන යන අතර වාරයේ කලබලෙන් දුවගෙන ආ නාගරික පෙනුමැති ගැහැනු ළමයාගේ
ඇඟ වැදීමෙන් එතෙක් වෙලා සුරැකියා වූ පොත් මිටිය ක්ෂනයෙන් සී සී කඩ විසිරිනි. ඇයගේ
මුව තමන් පණ මෙන් රැකි පැටවුන් ගිජු ලිහිණියකුට අසු වූ කළක මෙනි. නමුදු ඇයගෙන්
සමාව ගැනීමක් හෝ නැවත හැරි බැල්මක් වත් ඇයගෙන් අපේක්ෂා කල නොහැක්කකි. එසේ වන්නේ
මාද එය අත් විදි ජිවිතය නිසාවෙනි. ඒ
වික්ෂිප්ත වූ දෑස් එකරම මා අතිතයට රැගෙන ගියේ මහා ජල පහරකට ගසා ගෙන යන්නා වූ
දිරාපු ලීයක් පරිද්දෙනි.
කෙල්ලේ....කෙල්ලෙ...කෝ බං මේකි හිච්චිචියේ.... කොහේ යනව ද මන්ද මේකි.
ලිඳට ගිහින් එන අතරවාරයේ අම්මගේ කටහඩ ඇහුනේ හීනියට වගේ මම
ඈත ඉදන්ම
මේ එනෝ.......
කීවෙ අම්මගේ ඊළග
ස්වරය නපුරු වේ දැයි බියෙනි. අම්මා ගැන කිවුවොත් ඇය නිතරම වැඩපලත් එක්ක ම කාලේ
ගෙවපු කෙනෙක් ඇය නිසොල්මනේ නිස්කාන්සියේ ඉන්න දවසක් ඔව් එහෙම දවසක් නම් අවුරුදු 10කින් මෙපිට මට
මතකයක් නෑ. ඇය නිදි පැදුරෙන් නැගිට්ට ගමන් මාවත් කූද්දන ගමන් කුස්සියට යන්නේ බතක්
උයලා මොකක් හරි මාලුවකුත් හදන්න. ඊට පස්සෙ ඇය ගෙවල් මිදුල් අතුගාලා මටත් වැඩ
කොටසක් පවරමින් හේනට යන්නේ යාන්තමින් අදුර මැකීගෙන එන වෙලාවට. මට අම්මගෙන් මේ වැඩ
කොටස පැවරිලා එතරම් කාලයක් නෑ. ඕන්නම් අවුරුද්දක් විතර ඇති. මොකද ඒ වෙද්දි මම
හිටියෙ උසස් පෙළ විභාගේ ලියලයි. මොනවා උනත් අම්මා මට හොඳට ඉගැන්නුවා. ඒ කාලෙදි
අම්මා මට ඒ හැටි බරක් දුන්නේ නෑ. හැමදාම කිව්වේ හොඳට ඉගෙන ගනින මගේ දුවේ කියලා.
හැබැයි ඒ කාලේ අම්මා කරපු වැඩ කන්දරාව
දැක්කම මට නම් හිතුනේ ඇය යකඩ ගැහැනියක් කියලයි.
මෙහෙ වරෙන් ඉක්මනට අගාර අගාර ඉන්නෙ නැතිව කී සැරයක් කැ ගැහුව ද
උඹට.. උඹලා දෙන්නා නං මට දෙන වදයක්.”
“ආං බොලෑ මලයට පාං කෑල්ලක් කන්ට ආසයි කියන්නේ
හැදිලා තියෙනවා දැන් උන්දැත් හොඳ ගානට. අර යස මහිමෙට තම්බලා තියෙන බතල අලේ කන්නේ
නෑතිව පාං කෑල්ලකට හූල්ලනවා.බඬේ ගින්දරේ ඉදලා මෙතන මොකක් හරි ලෙඩක් දුකක් හදා ගත්ත
ම ඕකටත් නහින්ඩ ඕනි මම නොවැ නැත්තං මම කවනව ඕකට පාං....”
අනේ දුවේ හන්දියේ
සිරිසේන මාමගේ කඬේට ගිහනි් විනාඩියෙන් පාං භාගයක් ඇන්න වරෙං”
හ්ම්...... හා...හා.....”
මම කිව්වෙ මදක්
කම්මැලි ස්වරයෙන්.
පරිස්මට ගිහනි්
වරෙන් ඔය දිය කඩිති වල ඉන්න මාලු පැටව් එක්ක නටන්නේ නැතිව”
අම්මා එහෙම කිව්වෙ මගේ ක්‍රියා කලාපය ඇය හොදින්ම
වටහා ගෙන තිබුන නිසාවෙනි. කොහොම උනත්
කුඹුර මැදින් වැටිච්ච පුංචි අඩි පාර දිගේ මම එක පිම්මෙ දුවන්න ගත්තා. අවට ගැන
කිසිදු වග විභාගයක් නොතිබුනු මට හැමදාම මේ පරිසරය ගෙනාවේ අමුතුම සිහිලසක්
ආරක්ෂාවක් වගේ හැඟීමක්. දිය කඩිති වල ඉන්න පුංචි මාළු දිහා බලන්න මට තිබුණෙ නලියන ආසාවක් වුණත් ප්‍රමාද වී පැමිණිම
අම්මගෙන් බැනුම් අහගන්න වෙන කාරණාවක් නිසා මම ඒ දෙස නොබලා ම දුවන්නට වුණා. පන්සල්
හන්දිය පහු කරද්දි ම ගමේ පන්සලේ හාමුදුරුවෝ ඈතින් වඩිනවා දැක්ක මගේ ගමන බාල වුණේ
හරියට වේගෙන් ගිය වාහනයක් එක පාරට බ්‍රෙක් ගැහුවා වගේ. මම හිමින් හිමින් ඉස්සරහට
ගියා. බිම බලාගෙන යන මාව දැක්ක හාමුදුරුවෝ
මේ ගුණවංශගේ දුව නේ ද ”
එහෙමයි අපේ හාමුදුරුවනේ....
තාම විශ්වවිද්‍යාලෙට ගියේ නැතෙයි.”
“නෑ අපේ
හාමුදුරුවනේ තාම යන්න ලියුම ආවෙ නෑ”
හා හොදා උඹලැයි
අප්පොච්චා ඉන්න කාලෙ ඉදලා ම උන්දැට තිබුනනං තිබුණ එක ම හීනෙ උබලෑව හොඳ තැං වලට යවන
එක. උන්දැ ඒකට වින්දෙ නැති දුකක.් අපරාදෙ කියන්න බෑ සිලවතී උපාසක අම්මා ගුනවංශ
මළායින් පස්සේ උඹලව ඒ විදිහට හැදුවෙ බොහෝම දුක් මහන්සියෙන්. එහෙව් කරපු හැදු වැඩූ
දෙමාපියන්ට නිගාවක් නොවෙන්න මොන කොලඹ රටේ ගියත් ජිවත් වෙන්න ඕනැ කෙල්ලේ තේරුණයි.
හරි මං මේ නැවතුනේ හෙට මුර දානේ පන්සලට ගෙන්ට ඕනෙ නැතෙයි කියන්ට.මොකද මං කටින පිං
කමකට මාතර පැත්තට වඩින්නයි හිතාන ඉන්නේ. හා හෙනං ඒ පණිවිඬේ කිව්වනං මං පන්සල පැත්තට
වඩින්නව.”
මමත් ඒ ඉවෙලාවෙ යාන්තමට හාමුදුරුවන්ගේ පැත්ත
බලලා බොහොම යටහත් පහත් විදිහට
හොඳමයි අපේ හාමුදුරුවනේ........”
කිව්වෙ අම්මත්
නිතර ම එහෙම කරන පුරුද්දට. මේ විදිහට ගමේ ගොඩක් අය මට උපදෙස් දුන්නෙ අවංකවම
ඔවුන්ගේ හිතේ මං ගැන තිබුණ ලෙංගතු කමට වගේම තාත්තා ගැන ගමේ මිනිස්සුනගේ හිතේ තිබුණ
කුළුපඟ කමට කියලයි මට නං හිතෙන්නේ. කොච්චර වේගෙන් ගියත් කඬේ ලගට යන්න මට පැය භාගයක් ගියා. සිරිසේන මාමා කඬේ ඇතුළේ
තිබුණ බුදු මැදුර පිරිසිදු කරමින් හිටිය නිසා මම ටිකක් නිහඩව බලාගෙන ඉද්දි දාං
අදිමින් හිටපු සෝමෙ මාමා මාත් එක්ක කතාවට වැටුණේ හැමදාම වගේ පුරුද්දට.
අ....... කෙල්ලේ
උඹ විශව්විදයලෙට ගියේ නැතෙයි තාම. ”
නෑ මාමෙ තාම
ලියුම ආවෙ නෑ”
අනේ මන්දා ඒවායේ
ඉතින් ඉහල තැන්වල රාජකාරි නෙවැ. ඕවෑයැ රාජකාරි ඉතින් ලියුම් කැඩුම්වලින් ම තමා.
මටත් මේ ළඟදි ඉහල උසාවියෙන් ලියමනක් ඇවිත් තිබුනේ.”
මේ වදන් වලින් ඔහුගේ නිර්ව්‍යාජ භාවය මනාව
පැහැදිලි වි ය. ටයිප් කරපු ලියුමක් ලැබීමත් ඔවුනට මහ ඉහළ ය. කොහොම උනත් ඔවුන්ගේ
හිතේ මා ගැන නං අබමල් රේණුඅවක තරංවත් ඉරිසියාවක් තිබුණ බවක් නං පෙනෙන්නට නොතිබුණි.
ආ........කෙල්ලේ මොනවයි උඹට ඕනෑ.
සිරිසේන මාමෙ පාං
භාගයක්.
පාං.......
වෙලාවට වෙලාවට එක පාං ගෙඩියක් ඉතුරු වෙලා ඒත් උඹේ වාසනාව. ආං උඹේ නම සමන්මලී කිව්වා නේද අද උදේ ලියුම්
මහත්තයා ලියමනක් දීලා ගියා වගේ මතකයි.”
සිරිසේන මාමා කිව්වෙ පාං ගෙඩිය කපන ගමන්. “හා හිටහන් බලන්න.
මේං...”
මම
ලියුම දකි්ද්දිම දැනගත්තා ඒක ඇවිත් තියෙන්නේ කැම්පස් එකෙන් විත්තය. මට
දැනිච්ච සතුට නිම්හිම් නැති වි ය. ඉබේටම මට කැම්පස් ලියුම කියලා කියවෙද්දි
ආනේ.......කොච්චර
එකක් ද මේ අහළ ගං හතකවත් අපේ එකෙක් ගිය තැනැක් යැ ඔය. අනේ දුවේ කොළඹ රටේ ගියාවගේ ම
හොඳින් රැකිලා ඉදිං කෙල්ලේ.
මට දැන් තිබුනේ මේ ආරංචිය අම්මට කියන ආසාව. මං
මිටෙන් හල කුරුල්ලෙක් වගේ පාං භාගයත් අරගෙන එක පිම්මෙ දුවන්න වුණා. නගරෙ ගැන කවුරු
මොනවා කිවුවත් මම එහේ යන්න පුදුම තරං ආසාවෙනුයි හිටියේ. දුකකට කියලා තිබුනේ අම්මයි
මල්ලියි දාලා යන එක තමයි. නගරෙට ගිහින් එන මිනිස්සු අපේ ගමෙත් හිටියා. ඒ අය නගරෙ
ගැන කියන විස්තර අහලා මම ගොඩක් ආසාවෙන්
හිටියේ එහේ යන්න. දන්න තරමින් ඔය විශ්වවිදයලෙට ගිය එකම එක්කෙනා ගමේ ලොකු ඉස්කෝලේ
මහත්තයගේ පුතා සමන් අයියා විතරයි. සමන් අයියා නං හරි හොඳයි. ඒත් ඉස්කෝලේ හාමිනේනං
ඒකේ උජාරුව ගමේ හැමෝට ම පෙන්නගෙනයි
හිටියේ. මම කැම්පස් යන එක ගැනත් උන්දැ හිටියේ එච්චර හිත හොඳකින්නං නොවන
විත්තිය ඇගේ කතාවෙන් හැම තිස්සෙ ම තේරිලයි තිබුණේ.
අපේ පුතා නං
ඉතින් ගනං අංශෙන් නවැ ගියේ ඒක ඉතින් කොතනත් පිළිගනන්නවා. කමක් නෑ ඉතින් හොඳට ම හොඳ
නැතත් කෙල්ලට පුළුවන් දෙයින්නවැ කොර ගත්තේ මදැයි බං සීලවතී උඹලෑ හඳ අල්ලටයැ.
අම්මත් නොදන්න කමට ඕවා විස්වාස කරන් හිටියට මම
කැම්පස් යන එක ගැන අම්මා හිටියේ කියා ගන්න බරි තරං සතුටින්.
අම්මේ.......
අම්මේ......
දර පලමින් හිටපු අම්මා මගේ කෑ ගැහිල්ලට පොරවත්
දාලයි ඉස්සරහට දුවගෙන ආවේ.
මොකදෑ මේ කෑ
ගහන්නේ.... යකෙක් එලවං ආවද උඹව. නෑ අම්මෙ යකෙක් නෙවෙයි මට කැම්පස් එකට යන්න ලියුම
ඇවිත්.”
අනේ......ඇත්ත ද කෙල්ලේ කොච්චර දෙයක් ද. ”
අම්මගේ ඇහෙන්
ඉබේට ම එලියට ආපු කදුළු බිංදුව චීත්ත පොටෙන් පිහ දාන ගමන් මාව තුරුල් කරන් ඔළුව අත
ගාන්න ටන් ගත්තා.
ඉතින් දුවේ
කියවපංකො ඔය ලියමන මටත් ඇහෙන්ට.”
අම්මෙ මට යන්න
තියෙන්නේ ලබන සතියේ බදාදා. කොළඹ තමයි විශ්වවිද්‍යාලේ තියෙන්නේ. ගෙනියන්න ඕන බඩු
ලිස්ට් එකකුත් දාලා තියෙනවා. ”
ලියුම කියවලා
ඉවරවෙදි්දි අම්මා දිග සුසුමක් හෙලුවා ඒක ඇතුලේ ගොඩක් දේවල් අම්මගේ පපුව ඇතුළට කිදාබැස්ස
විත්තය මම දැන ගත්තා. මම ඉතුරු කොරපු සල්ලි ටිකක් තියෙයි.
“යමංකො හෙට මාත් එක්ක ටවුමට මම දන්න එකක්යැ ඕනි
කළමණා. ඒක කොරා කියමුකෝ කවුදැ ඔය කොළඹ රටේ ඇවිදින්ට දන්නේ.”
දැන් අම්මට ප්‍රශ්ණ කෝටියයි.
ආ..........බොලෑ
භාප්පා එක වංගියක් කොළඹ රටේ රස්සාවකට කියලා ගියානවැ. උන්දැටවත් කියමු.”
හිතේ දුකයි
සතුටයි එක්ක මම ඇඟලි ගැනපු දවස ආවා එදා උදේම නැගිටලා මූණ කට සෝදලා කලින් දවසේ
සූදානං කරපු බඩු පෙට්ටියත් හරිද කියලා දෙපාරක්ම බැලුවා. භාප්පත් පාන්දරින් ම අපේ
ගෙදෙට්ට අවේ
කෝ උඹලෑ සූදානං
දැයි”
අසමිනි. ඒ වෙද්දි මම සෙර්ම දේවල් ලෑස්ති කරගෙනයි
තිබුණේ.
මෙන්න මේ බත්
මුල් දෙකත් දාගනින් දුවේ. උඹලෑ යද්දි බඩගිනිත් හැදෙය නෙවැ.”
බත් මුල් දෙකත් බෑග් එකට දාගෙන අම්මටත් වැදලා
මල්ලිගෙත් ඔළුව අතගාලා ඒ වෙද්දිවත් එළියට බැස්සේ භාප්පගේ හදිස්සි කෙරිල්ල
නිසාවෙනි. අපි පයින්ම බස් එකට නගින තැනට යද්දි යාන්තං අදුර මැකිගෙන එන වෙලාව ඈතින්
බස් එක එන සද්දෙ ඇහෙද්දි ම භාප්පා එක පාරට ම නැගිට්ටුනා.
කෙල්ලේ ඕං බස් එක
එනවා ඔය ඉතුරු බෑක් ටික අඩුක්කොල්ලා ගත්තා නං.”
බස් එක ඇවිත් අපි
ඉස්සරහා නවත්තද්දි ම බාප්පා මාව බස් එකට ඇතුලු කරන ගමන් බස් එකට ගොඩ වුණේ හරිම
හදිස්සියෙන්. බස් එකේ යන්නත් මට තිබුනේ පුදුම ආසාවක් මොකද ඉස්කෝලේ යද්දිවත් මට බස්
එකේ යන්න ඕන වුනේ නෑ. මං ගමේ ඉස්කෝලෙට ගියේ පයින්මයි. ඉදලා හිටලා අම්මත් එක්ක
ටවුමට ගියොත් ඇරෙන්න බස් එකේ යන්න හම්බවෙන්නෙ ම නෑ. අපි ඉදගත්ත ෂිට් එකේ ජනේලෙ
පැත්තට වෙන්න මම ඉදගත්තා. ටිකෙන් ටික බස් එක ඉස්සරහට ඇදෙද්දි ගමේ ගස් කොළං වේගෙන්
මගෙන් ඈත් වෙනවා වගේ හැගීමකුයි මට දැනුනේ. ටිකෙන් ටික නගරෙට යද්දි දුවගෙන ගිය ගස්
කොළං නැත්තට ම නෑති වෙලා වගේ. පැය ගානකට පස්සේ පස්සේ අපි බස් එකෙන් බස් එකට මාරු
වෙමින් නගරෙට සේන්දු වුණා. අන්තිමට අපි බැස්සෙ කැම්පස් එක ගාවින්. මගේ ඇගට දැනුනේ
පුදුම තරං රස්නයන්. හරියට පෝරණුවක දාලා වගේ. භාප්පත් බෙල්ල වටේ ඔතලා තිබුණ ලේන්සුව
අතට ගත්ත හැටියෙන් ම උන්දැටත් මේ රස්නේ හොඳට ම දැනිලා විත්තිය නං මට තේරුණා. ගමේ තිබුණ සිහිල් සුළග මෙහේ අහළකවත්
තිබුනේ නෑ. බස් එකෙන් බැහැපු ගමන් මම දැක්කේ වාහන තද බදයත් එක්ක නාන්නාදුනන ලෙස
මිනිසුන්ගේ ඇගේ හැප්පෙමින් ඒ මේ අත කළබලකාරීව ඇවිදින දහස් ගනන් මිනිස්සු. බැලූ
බැලුමට කොතනත් අහස උසට පේන ගොඩ නැගිලි. ගහක් කොළක් පේන මානයකවත් නෑ. යාන්තං ගොඩ
නැගිල්ලක පිටුපසින් දිස් වූ ගසක කොටසක් දැකගත හැකි වු අතර යන්තමටවත් තිබුනේ ඒ ගහ
විතරයි. මට කිසිවක් එකවිට තේරුම් ගත නොහැකි ය. මම අන්දුං කුන්දුං වූ කලෙක මෙන් භාප්පා
පසුපසින් ඔහේ ඇවිද යන්නට වි ය. ළමයි ලියාපදිංචි කරන හෝල් එක හොයා ගන්න අපිට ටිකක්
හරි ලේසි වුණේ එතෙන්ට යනකන්ම ඊතළවලින් පාර පෙන්වා තිබූ නිසාවෙනි. එතෙන්ට යද්දි
වෛවර්ණ ඇදුම් පැළදුම්වලින් සැරසුණු මිනිස්සුයි ඒ මේ අත නවත්තලා තියෙන වාහනයි
දැක්කට පස්සේ මට දැණුනේ වෙනම ලෝකෙකට ගියා වගේ. මෙච්චර මිනිස්සු ගොඩක් මෙච්චර වාහන
ගොඩක් මගේ ජීවිතේටවත් ම දැකලා තිබුනෙ නෑ. මට මතක් වුනේ හැමදාම හන්දියේ කඬේ ගාව
නවත්තලා තියෙන ඉස්කෝලේ මහත්තයාගේ ගෙම්බා කාර් එක. ගමට ම කියලා තිබිච්චි වාහනේ
එච්චරයි. තාම මතකයි ඒකට තිබිච්චි ආසාව හින්දම එතනින් යද්දි මම කාටත් නොපෙනෙන්ට ඒක
අතගාගෙන යන හැටි. මහා ගොඩනැගිලි ගොඩකුත් එක්ක පෙනෙන නොපෙනෙ මානයේ විසිරි තිබුනු මේ
විශ්වවිද්‍යාල පරිසරය මාව ගමේ ඉස්කෝලේ පැත්තට ගෙනිච්චේ ඉබේටමයි. ගමේ ඉස්කෝලේ වහගෙන
තිබුණු ඒ ගහ කොළං. අපි එකතු වෙලා ගස් යට තරගෙට වෙරලු අහුලන හැටි මතක්වෙවද්දිත ්මගේ
හිතට ගෙනාවෙ සෞම්‍ය හැඟිමක්. ප්‍රින්සිපල් සර් වේවැලත් හංගං අපි පස්සෙන් එළවන හැටි
හරිම සුන්දරයි. ඒත් මෙහේ ඉන්න නෝන වරු මහත්වරුන්ගේ මූනේ තිබුණු හැඟීම මට හරි හැටි
නොතේරුනේ ඔවුන්ගේ මුහුන වෛවර්ණ ලෙස පාට කර
තිබූ නිසාවෙන් විය හැකියි. වැඩ ඉවර වූණාට පස්සේ
භාප්පා මාව නවත්තලා යන වෙලාව ආවා.
හෙනං පරිස්සමින්
ඉදින් දුවේ. උඹ මෙහේ දාලා යන්නත් හිතක්
නෑ. ඒත් මක්ක කොරන්ට ද උඹට හොඳක්නෙවැ වෙන්ට යන්නේ. ”
මෙහෙම කියලා
භාප්පා මගේ ඔලුව අතගාලා යන්න හදද්දි මට කියා ගත හැකි කිසිවක් නොමැති වුව ද හීනියට ඇහැ
අගින් වැටෙන්න ගිය කදුලු බිංදුව භාප්පට හංගන්න මට පුළුවං වුණේ නෑ.
හොඳයි හෙනං මං
ගොහිං එන්නං දැම්ම ගියේ නැත්තං එලි වෙද්දිවත් ගමට යා ගන්න පුලුවන් වෙන්නේ නෑ.
අනිත් ළමයිත් එක්ක යාලු වෙලා ඉදින්. විස්තර දන්නලා ලයිුමක් එවපංකො.”
බාප්පා ඈතට යනකං මං බලාගෙන හිටියා. ටිකෙන් ටික
භාප්පා ඈතට යද්දි මට දැනුනේ කුළු ගෙඩියකින් කවුරු හරි මට ගහනවා වගේ. ඒ නොදන්න
නුපුරුදු කර්කෂ පරිසරයේ මා තනිවන නිසාවෙන් විය හැකියි. මම හිටියේ හොස්ටල් එකේ. මගේ
කාමරයේ තව ළමයි 3දෙනෙක් හිටියා. ඒත් එයාලා මාත් එක්ක ඒ
හැටි කතාවක් තිබුනේ නෑ. ලෙක්චර් පටන් ගන්න පළවෙනි දසත් ආවා. එදා උදෙත් හැමදාම වගේ
පුරුද්දට මාව ඇහැරුනේ පාන්දර4.30 ට විතර ඒ වෙද්දි අනිත් ළමයි හොඳට ම
පොරවගෙන නිදි. මම නැගිටලා ලයිට් එක දැම්මා විතරයි හැමෝම එහෙට මෙහෙට ඇඹරි ඇඹරි කෑ
ගහන්න පටන්ත්තා. බය වෙච්චි පාර මගේ අතින් ආයේ ලයිට් එක නිව්නා. අම්මා හැමදාම මාව
කූද්දන වෙලාව දැන් මට ඉබේටම හුරු වෙලා. ඉතින් මම අමාරුවෙන් නිදා ගන්න උත්සහ කළත්
මට පොඞ්ඩක්වත් නින්ද ගියේ නෑ. එලිය වැටුනට පස්සේ ආයෙත් නැගිටපු මම මූණ කට හෝදගෙන
අම්මා සමුනා නැන්දට කියලා මහලා දීපු මල් මල් ගවුම ඇද ගත්තේ ගොඩක් ආඩම්බරෙන් අනිත්
ළමයිගේ අදුම් නං ටවුමෙ කඩවල්වලඑ එල්ලලා තිබුණු ඇදුම් වගේ. එක ළමෙක්ගේ සායෙන් දනිස්
පොල් කටුත් එළියට පැනලා. අනිත් ළමයි කකුල් දෙකටම දිගට තිබුණු කලිසං.
අපේ අම්මා දැක්කනං හොඳට අහගන්න තිබුනා මෙයාලට”
මම හිතින් හිතුවා. හොස්ටල් එකේ ඉදන් කැම්පස් එකට
යන්න කිලෝ මීටර 2ක්
විතර ඇති. හැමෝම ත්‍රීවිල්වලට අත දාලා එවායේ ගියත් මට නං පයින්ම ගිහින්
හොඳට පුරුදු නිසා ඒ ටික පයින් ම යන්න හිතා ගත්තා. මම ලෙක්චර් හෝල් එකට යද්දි හැමෝම
වගේ ඇවිත් වාඩි වෙලා හිටියා. ලෙක්චර් එක
පටන් ගන්නත් ඔන්න මෙන්න. ඒත් ඒ ටික ඇවිද්දලා මට ගමේ තරං ආස්වාදයක් නොලැබුණු අතර
දහදියෙන් මගේ ගත ම නැහැවිලයි තිබුණේ. මමත් ටිකක් හිතේ කළබලෙන් ශාලාවට ගොඩ වෙද්දි
දුවගන ආපු තවත් නාගරික පෙනුමැත් ගැහැණු
ළමයෙක් වේගයෙන් මගේ ඇගේ හැපුණු අතර අතේ
තිබුණු පොත් ටික සී සී කඩ විසිර ගියා. ඇය මා දෙස වරක්වත් හැරී නොබලා ම ගොස් පිරිමි
ළමයෙකු අසලන් ඉදගත්තා.
12-1 පැයේ දි හැමෝට ම ඉන්ටර්වල් එක හම්බුණා. හැමෝම
කළබලෙන් කැන්ටිමේ පෝලිං වලට දිවන්න ගත්තා. අනේ මන්දා හැමතිස්සෙම මේ තිබුණු
කළබලකාරී පරිසරය මට නං ඒ වෙනකොටත් ඇති වෙලයි තිබුනේ. මාත් හිමින් සීරුවේ පෝලිමට
ඇතුලු වුණා. මට එහා හිටපු ගැහැණු ළමයා තවත් පිරිමි ළමයෙක් පෝලිමේ ඉස්සරහට ගත්තා.
මේ විදිහට එක එක්කෙනා පෝලිමේ ඉසසරහට යද්දි
මම හිටපු තැනමයි. බැරමි තැන මම
ම් මම මෙතන හිටියේ පොඞ්ක් පිටිපස්සට යනවද?”
අප්පට බොල කවුද
බං මේ ගං කිකිළි අනේ මේ යනවා යන්න තමුසේ
කවුද මට එහෙම කියන්න”
ඒයි සෙරිඑ හැ්ර
එකියක්ද කොහෙද බං”
එතෙන්ට දුවගෙන ආපු තවත් අසංවර පෙනුමැති ගැහැණු
ළමයා එක දිගට කියාගෙන ගියේ මා දෙසට එරොප්පු බැල්මක් හෙළමිනි.
එයි අපි සිනියර්
හරී. මේකේ වැඩ වෙන්නේ අපිට ඕන විදිහට හරී”
එතකොටයි මට
තේරුණේ ඇත්තෙන්ම මම ඉන්නේ කොහේ කියලා.
දැන්නම් මගේ හිත හොඳට ම කලබලයි. බයත් දුකත් එකවර මා ගෙල සිර කරන්නක් සේ හැගෙන්නට
විය.
අනේ
සඳමාලවිත් හිටියනං”
මට ඉබේට ම කියවිනි ඇය මාගේ පාසලේ හොඳම මිතුරිය
වු අතරම ඇය මෙතන සිටි කිසිවෙකුටත් සම කළ නොහැකි බ වමට එක විට ම වැටහිණි. ළමයි එක
එක්කෙනා පං බනිස් ආදිය ගෙන කන්න පටන්
ගත්තා මටත් යාන්තමට පාං කෑල්ලක් කන්න හිතේ
ආසාවක් තිබුණත් අම්මා එයට කිසිසේත්ම අකමැති බව මට වැටහුණු නිසාවෙන් ද මා ගමෙන්
බොහෝ දුර බැහැරක සිටිය ද ඇය කොතනක හෝ සිට මා
දෙස බලා ඇති යැයි හැගීමකි මසිතට දැනනු නිසාාවෙන් මා සපුරුදු නමින් ම බත්
එකක් යනුවෙන් ඉල්ලා ගත්තේ තරමක් මැලි කමකිනි. ඒ බත් කටවල් මගේ උගුරෙන් පහලට යන බවක්වත් මට නොදණිනි අම්මා උයන බත් වල
රස ඒවායේ ගෑවීවත් නොතිබීම එයට හේතුවයි. එදා හවස ලෙක්චර් ඉවරවෙද්දි මට දැනුනේ
අවුරුද්දක් එ කදිගට මහන්සි වුණා වගේ හැගීමක්. සේරම ලෑස්ති කරගෙන යන්න හදද්දි මගේ හිතට දැනුණ ුහැගීම දරා ගැනීමට මට
නම් එතරම් පහසු උණේ නෑ.
අනේ ඉතින් මට අද යන්න වෙන්නේ ගෙදර නෙවෙයිනේ ආයෙත් අර හොස්ටල් එකටමයි.
ඉස්සර මම මහන්සි වෙලා
යද්දි අයලා තේත් වක්රලයි තයින්නේ ඒත් අද මම දිග සුසුමක් හෙලුවා මුලු ඇගම කීරි ගැහිලා
යනා වගේ හැගීමකුයි මට දැනුනේ. මේ විදහට ටික කාලයක් ගත වෙද්දි ටිකෙන් ටික ඒ පරිසරයට
යන්තමින් වගේ හුරු වෙන්න මට පුළුවන් වුණා.
ඒ වගේම නගරෙ තිබුණ අමුතුම රටාව ටික ටික මට තේරුණා. හොස්ටල් එකේ ළමයිනුත් දැන්
වෙනදට වඩා මාත් එක්ක හොඳයි.ඒත් ඔවුන් එක්ක
හරි හරියට කතාවට යන එකවත් ඔවුන් සමඟ වැඩ
කිරීමවත් මට එතරම් ප්‍රියජනක කාර්යක් නොවවූයෙන් මම නිතර ම හුදෙකලාවේ ඉන්නට තැත්
කලෙමි. ටිකෙන් ටික ගම සහ නගරය අතර පැවත් බොහෝ වෙනස් කම් මට දැනෙන්නට වි ය. ගමේ
මිනිසුන් තළු තිබූ ඒ නිර්ව්‍යාජත්වය නගරයේ මිනිසුන්ගේ පාට කරපු මුහණුවලටයි වෛවාරණ
ඇදුම්වලටයි ඉංග්‍රීසිත් නොවන සිංහලත් නොවන වචනවලටයි සහමුලින්ම යට වෙලයි තිබුණෙ.ඒ
වගේම තම අතිජාත මිත්‍රයෙකු තියා පවුලක් තළුවත් ගමක තිබෙන්නා වූ ඒ සුන්දර හදවත්
බැදීම නොතිබුණි. හැමවිටම අනෙකා පරයා කැපී පෙනෙන්නට යන බාහිර ඔපය සරසන්නට දිවා රෑ
වෙහෙසෙන තමා දෙවියන් හෝ දිව්‍යාංගනාවන් යැයි සිතා සිටින මිනිසුන්ගෙත් යුත් මවන ලද
සුරංගනා ලෝකයක් වැනි බව මේ අවුරුදු කිහිපයේදි වැටහිණි. හැම මාස 4කට ම සැරයක් මම
අම්මාට ලියුමක් ලියන ලද අතර නගරය ගැන බොහෝ
විස්තර එහි තබන්නට මා අමතක නොකලේ ඇය ද මෙම මායාව විස්වාස කරමින් නගරයට ඒමට නොලැබීම
ගැන පසු තැවිල්ලෙන් සිටිය යුතු නොවන
නිසාවෙණි. කෙසේ වුව ද මා තුල තිබූ ගමෙන්
උරුම වූවා වූ ඒ නිර්ව්‍යාජත්වය සමාජයේ පුහු මානය ලබන්නට මා නුසුදුස්සෙකු කළ ද
අධයාපනයෙන් මා හිණි පෙත්තට ම යවන්නට වූ මහඟු දායාදය නම් එයම විනා අන් කිසිවක්
නොවිණි. එය මා කිසි කළෙකත් අමතක නොකල
යුත්තකි.
ටී්‍රං..... ටී්‍රං....
එකවිට ම නාද වූ මාගේ දුර කථනය නැවතත් මා
වර්මානයට නෙන ඒමට සමත් වි ය. ළමුන් සියල්ල ටෙද්ශනයට සදූනම්ව බලා සිටිනු දැකිය හැකි
වි ය. ඇයද එක් කොනක සූදානම්ව සිටී.
එක්ස් කියුස් මී....
මා ඇමතුමට
කෙටියෙන් පිළිතුරු දී නැවතත් දේශනය දෙසට හැරුණි.
නිර්මාණය - ප්‍රසාදිනී කෞෂල්‍යා වල්පොල
Subscribe to:
Comments (Atom)
අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...
-
මහජන සම්බන්ධතාවය යනු හොඳ හිත වර්ධනය කිරීම සඳහා වූ ද්විපාර්ශවීය කාර්ණාවකි. නමුත් මෙසේ වචනාර්ථයට ගැලපෙන ආකාරයට මහජන සම්බන්ධතාවය වර්ධනය වූයේ ක්...
-
★ කවුද මේ සමන් දෙවියො කියන්නෙ ? ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මිනිසුන් අතර මහත් අභිමානයෙන් පුද ලබන දෙවි ක...
-
ප්‍රේම්කීර්ති ද අල්විස් මහතාගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ශූරීන්ගේ සුමදුර ගායනයෙන් සහ සංගීතයෙන් රසවත් වූ ගීතයක් ලෙස මෙම ග...