Thursday, July 18, 2019

මහජන සම්බන්ධතා ඉතිහාසය

මහජන සම්බන්ධතාවය යනු හොඳ හිත වර්ධනය කිරීම සඳහා වූ ද්විපාර්ශවීය කාර්ණාවකි. නමුත් මෙසේ වචනාර්ථයට ගැලපෙන ආකාරයට මහජන සම්බන්ධතාවය වර්ධනය වූයේ ක්‍රමිකව  ය.  ගෝත්‍රික යුගයේ දී ද මෙම මහජන සම්බන්ධතාවය ක්‍රියාත්මක   වූ අතර එය බොහෝවිට ඒකපාර්ශවීය සන්නිවේදන ආකාරයක් ගත් බව පෙනෙයි මහජන සම්බන්ධතාවයේ අරමුණ වන්නේ ද්වි පාර්ශවීය තොරතුරු සම්පාදනය සහ පාර්ශවීය අන්‍යෝන්‍ය  අවබෝධය ඒ හරහා ඇතිකරමින් ගැටලු විසඳා ගැනීම්ට මඟ පෑදීමයි නමුත් ගෝත්‍රික යුගයේ දී නායකයා තොරතුරු  සහ අණ නිකුත් වූ අතර පාලිතයන් ඒවා ඔස්සේ ක්‍රියාත්මක කිරීම් සිදු වූ අතර ප්‍රති ප්‍රතිවාද ගොඩ ගොඩනැගීම්ට ඔවුනට අවස්ථාවක් නොවීය. මෙසේ ඔවුනට අවනත නොවන අය මරා දැමීමට පවා එකල ක්‍රියා කළ ආකාරයක් දැක ගත හැකිය.  ඉහත සඳහන් කළ ගෝත්‍රික    නායකයා ඥාන ශක්තියට වඩා කාය ශක්තියෙන් අනූන වූ බව  බර්ට්‍රන්ඩ් රසල්ගේ    wisdom of the west කෘතියෙහි මේ බව දක්වා ඇත. ඒක මාර්ගික සන්නිවේදන ක්‍රමයක් තිබූ බවට මෙහි වැඩි දුරටත් පෙන්වා දෙයි. මානව ඉතිහාසය පුරාවට මෙම මහජන සම්බන්ධතා සංකල්පය පැවතියද එය විද්‍යාත්මකව ගොඩනැගෙන ආකාරය දැකගත හැකි වන්නේ අල්ප වශයෙනි. 1952 " එඩ්වඩ් එල් බර්නිස්" විසින් රචිත public relation කෘතිය  හොඳම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.  තවද මෙම මහජන සම්බන්ධතාවය ක්‍රියාවේ යෙදවීපුළුල් කාර්යයක් කළා  වූ ද විවිධ අධ්‍යනයන් සිදු කළා වූ ද අයකු ලෙස අයි වී ලි  ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රසල්ට අමතරව මේ දෙදෙනාගේ අධ්‍යනයන් තුළින් මානව ඉතිහාසයේ මෙහි ලක්ෂණ ඉස්මතු වූ බව පෙනී යයි.
                                                              කෙසේ වෙතත් පැරණි ජන සමාජය තුළ මෙසේ ජන කණ්ඩායම් ලෙස සොයා බැලීමේදී පෙනී යන කාරණාවක් වන්නේ සිය අදහස් ජනතාව වෙත දැන් දීමටත් ඔවුන්ගේ අදහස් දැනගැනීමට අවශ්‍ය අවස්ථාවල දී නීතිමය අදහස් ලබාගැනීමටත් විශේෂ කණ්ඩායම් පත්කරගෙන තිබූ බව දැකගත හැක . ඔවුන් talking chife (තෝල්ක) ලෙස හඳුන්වන ලදී. මහජන සම්බන්ධතා කාර්යය සිදුකළ පැරණිතම කණ්ඩායම ලෙස මොවුන් පෙන්වා දිය හැකිය. සෑම දෙයකම කාලීනව වන වෙනසක් වන අඩුපාඩුකම් මොවුන් තුළ දැකගත හැකි විය. ඒ අනුව ඊට අදාළව වෙනත් කණ්ඩායමක අවශ්‍යතාවය මතුවිය. ඔවුන් වඩාත් විද්‍යාත්මක පදනමකින් අවශ්‍ය විය.
                                                                 පැරණි මිසර ශිෂ්ටාචාරය තුළ ද මෙවැනි පිරිසක් දැකගත හැකිය. පැරණි පාරාවෝ රජ පෙළපත තුළ රජුගේ අදහස් මහජනතාවටත් මහජනතාවගේ අදහස් රජුවෙත වෙතටත් ගෙන යාම සඳහා " සරීබ්" නම් මහජන සම්බන්ධතා කාර්යය ඉටු කළ පිරිසක් විය. ඔවුන්ගේ විශේෂත්වය වූයේ මොවුන් පූජක පිරිසක් වීම මොවුන්ගේ ලේඛන කලාවේ ඉතාම දක්ෂයෝ වූ අතර මොවුන් පාලක පන්තිය සහ මහජනතාව යන දෙපාර්ශ්වයේම ඉතා හොඳින් ගරු බුහුමන් ලැබූ ආකාරයක් සඳහන් වේ. මොවුන්ගේ කාර්යන් ලෙස රජුගේ අණනපනත් පිටපත් කිරීම, රජුට නීතිමය පරිපාලනය උපදෙස් ලබාදීම, අදහස් හා ආකල්ප මහජනතාව වෙත රැගෙන යාම මහජනතාවගේ අදහස් රජු වෙත රැගෙන යාම පෙන්වාදිය හැකිය.

2 comments:

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...