Friday, March 27, 2020

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් නැති නම් යම් හැඟීම් මාත්‍රයක උරුම කමක් විය හැකිය..
අවාසනාවක මහත..මෙලොව ඇත්තේ හට ගත් පමණින්ම භංග වන්නා වු දිය බුබුලුවන් ආශාවන්‍ය..දෙවරක් එක ලෙසම දැකිය නොහැකි ප්‍රපංචයන්ය.
සිත කය වුවද පොර බඳිමින් තමා වෙත ලං කර ගත්තා වූ කිසිවක් පරිසමාප්තියෙන්ම විද ගැනීමක් කොහේ හෝ ඇත්තේ නොවේ..අතුරුදන් හැගීම් පුබුදන්නට හැකි ජගත්තෙක් ජගත් තලයේම නොවෙ...
කුමක්ද එසේ නම් අතීතය හෝ අනාගතය..එවන්නක් නැත කිව හැකිය..එසේ නම් වර්තමානයක් අනඅනිවාර්යයෙන්ම  ඇතැයි කිසිවෙකුට කිව හැකිද..මොන සමයමක්ද කාලය එක තැන තත්පරයක් හෝ නොරැදෙන කල එයද ඉකි ගසා සිනා සිය හැකි විහිලුවකි...😊😊

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...