Friday, August 10, 2018

මල්ලී මහනදම් පිරුමට යනවාලු....

විනයක් පැනෙවුුවා රාහුල හිමි              හින්දා

එදවස සිහිකරයි මට මල නුබ               හින්දා
මවු පිය අවසරය ඔබ ලැබ ගත්             හින්දා 
ගිහි  ෙගය හැරදමා යනවද දුක            රන්දා

baby moncs සඳහා පින්තුර ප්‍රතිඵලඔබ ඉපදුනු දිනේ හිත මල්                 පිපුණාලු
අපි කෙළි දෙලෙන් ගෙවු කාලය        අවසන්ලුු
සොහොයුරු අවසරෙන් කිසි වැඩකට    නෑලූ
මල්ලී මහනදම් පිරුමට                       යනවාලූ

කවට කමට දගයා වූ අප                        නිවස
රණ්ඩු කෙක්ක අක්කාගේ මුලු                දවස
ලෝක යුද්ධයක් වී තිබු ඔබෙ                 මනස
ඔය සිත නිසල වූයේ කොහොම ද   මෙලෙස

බිම්බාවක් එදා තුන් සිත                  පහදවලා
උන්නා ලෙසේ ඉන්නට බෑ සොයුරි       වෙලා
ඔබ යන ගමන යන්නට දී සුබ              පතලා
ඉන්නේ කෙසේදෝ ඔබ දෙසවත්     නොබලා

ඔබ යන ගමන වලකන  ෙම් වචන         පවා
නිරයට යන ගමන පෙන්වන ලකුණු      තමා
නරකාදියෙහි මා විදවන කලෙක            පවා
බුදු බව ලබයිදෝ ඔබ සැනසීම            සොයා

                                                                                   .......Prasadini Kaushalaya.....


අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...