එදවස සිහිකරයි මට මල නුබ හින්දා
මවු පිය අවසරය ඔබ ලැබ ගත් හින්දා
ගිහි ෙගය හැරදමා යනවද දුක රන්දා
අපි කෙළි දෙලෙන් ගෙවු කාලය අවසන්ලුු
සොහොයුරු අවසරෙන් කිසි වැඩකට නෑලූ
මල්ලී මහනදම් පිරුමට යනවාලූ
කවට කමට දගයා වූ අප නිවස
රණ්ඩු කෙක්ක අක්කාගේ මුලු දවස
ලෝක යුද්ධයක් වී තිබු ඔබෙ මනස
ඔය සිත නිසල වූයේ කොහොම ද මෙලෙස
බිම්බාවක් එදා තුන් සිත පහදවලා
උන්නා ලෙසේ ඉන්නට බෑ සොයුරි වෙලා
ඔබ යන ගමන යන්නට දී සුබ පතලා
ඉන්නේ කෙසේදෝ ඔබ දෙසවත් නොබලා
ඔබ යන ගමන වලකන ෙම් වචන පවා
නිරයට යන ගමන පෙන්වන ලකුණු තමා
නරකාදියෙහි මා විදවන කලෙක පවා
බුදු බව ලබයිදෝ ඔබ සැනසීම සොයා
.......Prasadini Kaushalaya.....
Niyamaii
ReplyDelete