Sunday, June 9, 2019

මලක ඉකි බිදුම

sad alone flower සඳහා පින්තුර ප්‍රතිඵල

ආදරයක් නොවිදි හිතක විරහව පිරුනේ කොහොමද .....
පාලු සිතට එබිකම් කර යන ඹමරුන් කොහි ගියේද....
සුපිපුණු මල් උයනක් මැද ඹමරෙක් නැති තනි වුනු මල......
රොන් වියළී..පෙති ගිලිහී යාවිද ඉකිබිදිණු ඇසින...
රළු අහසක් යට ඉදගෙන සරසවියේ නැවතුම් පළ....
රැය එනතුරු බලා සිටින අවිහින්සක සිත නිහඬව ....
පිරුණු සඳක් සඳලුතලෙන් දකිණු රිසිව සිටි එසිතම.....
වියළී යන බොඳවී යන දුටු සිහිනය රකිනු පිණිස....
අඩ සඳකට දොඩමළුවය....
රෑ සීතල සඳලුතලේ ගත සිත කිලි පොලා යද්දි...
සරසවියෙම මල් උයනෙක ඒ සීතම පෙම විදිද්දි.....
සමනලයා මල් පොකුරට ලං කරන්න සුලි හමද්දි...
තනි වුණු මල් පෑරෙන බව නොදන්නේද ඔබ හමද්දි......


නිර්මාණය- ප්‍රසාදිනී කෞෂල්‍යා වල්පොල

2 comments:

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...