★කවුද මේ සමන් දෙවියො කියන්නෙ?
ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිට
මිනිසුන් අතර මහත් අභිමානයෙන් පුද ලබන දෙවි කෙනෙකු ලෙස සමුන සමන් දෙවියන් දැක්විය
හැකි ය. ඵමෙන්ම සමන් දෙවියන් සමන්ත කූට පර්වතයට අධිපතියාව සිටිි බවට ද සඳහනක්
පවතී. මෙම සමන් දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳව ද මත කිහපියක් පවතී. ඵනම් සමන් බොත්සැල්, මහා සුමන, යක්ඛ සුමන යන නම් වලින් හැඳින්වෙන අතර
බුදුන් දවස ජන ප්‍රධානියෙකූව සිටිි බවට ද මතයක් පවතී. තව ද සමන්ත භද්‍ර බෝධි
සත්වයන් ලෙස ද උපුල්වන් දෙවියන්ගේ මලනුවන් ලෙසත් රාම කුමරුගේ සහෝදරයකු වන ලක්ෂ්මන
බවට ද දීග නිකායේ සඳහන් වන යක්ඛ සුමන ලෙසට ද මතයක් පවතී. මහාචාර්ය සෙනරත් පරණ
විතාන මහත ාගේ අදහස වන්නේ සමන් දෙවියන් යනු යම දෙවියන් බවයි. මතු බුදු බව පතනවා යන
අඳහස ද මිනිසුන් අතර පවතින අතර උන් වහන්සේ සුදු පැහැති ශ්‍රී දේහයකින් හෙබි අතර
ඵක් අතකින් උපුල් මලක් ද අනෙක් අතින් දුන්නක් ද දරා සිටියි. තව ද රන් වස්ත්‍රාභරණයෙන්
සැරසී සිටින අතර හිසෙහි ඔටුන්නක් ද පැලඳ සිටියි. නරයන්ගේ දුකට බෙහෙවින් පිහිට වන
ඉතා කාරුණික දෙවියෙකු බවයි අතීතයේ සිට ම ජනයාගේ පිළිගැනීම වූයේ. එමෙන්ම මහා බල
පරාක්‍රමයෙන් යුතු යකුන් දමනය කිරීමේ හැකියාවෙන් යුතු එතුමාගේ වාහනය වන්නේ සුදු
ඇත් පැටියෙකි. මේ පිළිබඳව යාග ශාන්තිකර්ම කාාව්‍යයෙන් කියැවේ. එමෙන්ම සෑම පළාතකට ම
පාහේ අධිපතීත්වය දරන දෙවියෙක සිටින බව අතීතයේ සිට ම මිනිසුන්ගේ මතයයි. ඒ අනුව සුමන
සමන් දෙවියන් අධිපතීත්වය දරනු ලබන්නේ සබරගමු පළාතටයි. නමුත් උන් වහන්සේගේ
ආශීර්වාදය සබරගමු පළාතට සීමා නොවන බවත් මුළු මහත් ලෝකයටම උන් වහන්සේගේ අශිර්වාදය
පවතින බව කිව යුතු ය.
★තිස් තුන් කෝටියක් දෙවියන් ඉන්න ලෝකයක බෞද්ධයන් මෙන්ම
අන්‍යාගමිකයන් තුළ සමන් දෙවියන් ගැන මේ
තරම් භක්තියක් ඇති වෙලා තියෙන්න විශේෂ හේතුවක් තියෙනව ද?
ඹවු ,ඒකට විශේෂ හේතුවක් තමයි අද දහස් දෙනා වන්දනාමාන
කරන ශ්‍රී පාදස්තානය හදන්න සුමන සමන් දෙවියන්ගේ මුල් වීම. බුදුන් වහන්සේ පළමු වර
ලංකාවට පැමිනි අවස්ථාවේ සමන් දෙවියන් විසින් උන් වහන්සේ සිහි වීමට යමක් ඉල්ලූ විට
උන් වහන්සේ තම කේෂ ධාතුන් වහන්සේ ලබා දුන් විට එය මහත් ගෞරවයෙන් පිළිගත් එතුමා
ධාතුන් වහන්සේ නිධන් කොට චෛත්‍යයක් තැනූ බව ද සමන් දෙවියන්ගේ ම ආරාධනය පරිදි තෙවන
වර ලංකාවට පැමිණි අවස්ථාවේ රමණීය සමන් ගිර වර්ණනා කොට එහි මුදුනත උන් වහන්සේගේ
බැතිමතුන්ට වන්දනාමාන කිරීමට ශ්‍රී පාදය තබා යන ලෙසට ද ආරාධනා කොට ඇති බව සඳහන්
වේ. එමෙන්ම වන්දනාමාන කිරීමට එන බැතිමතුන්ට තමා ආරක්ෂාව සපයන බවට ද පොරොන්දු වී
ඇත. මෙසේ තබා ඇති ශ්‍රී පාද සටහන හින්දුන් විසින් ඊෂ්වර දෙවියන්ගේ ලෙස ද ක්‍රිස්තියානි, මුස්ලිම් ජනයා විසින් ආදම් ගේ යැයි
සිතා ද ඉතා ගෞරවයෙන් වන්දනාමාන කරයි.
★මේ තරම් ගෞරචයටපාත්‍ර වූ සමන් දෙවියන් වන්දනා කිරීමට රටේ විවිධ ස්ථාන
වල සමන් දේවාල ඉදි වෙලා තියෙනව නේ ද?
ඉතියහාසයේ සඳහන් වන අයුරින් සමන් දේවාල
තනා දේව පූජා පැවැත්වීම ආරම්භ වන්නේ පොළොන්නරු යුගයෙන් පසුවයි. ප්‍රධාන දේවාලය
සමනළ කන්දේ සාදා එයට සිවු කොනින් සතර දේවාල වශයෙන් නැුගෙනහිරින් මහියන්ගනය සමන්
දේවාලය ද, දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණයිගල සමන්
දේවාලය ද, බටහිරින් සපරගමු සමන් දේවාලයද පිහිටා
ඇත. මේ අතරින් සපරගමුව මහ සමන් දේවාලය වැදගත් තැනක් ගනී. ඒ මේ අතරින් ප්‍රධානම
දේවාලය ලෙස මෙය හඳුන්වන නිසාවෙනි. දඹදෙනි යුගයේ රජකල කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත
පරාක්‍රම බාහු රජුගේ නියොග්යකට අනුව තම මහා භාණ්ඩාගාරය ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රධාන
අමාත්‍යවරයා වූ ආර්්‍ය කාමදේව ඇමති වරයා
මැණික් ගැරීම සඳහා රත්නපුරයට පිටත් කර හැරි බවත් ඹහු සමන් දේවාලයට ගොස් බාරයක් දී
මැණික් ගැරීම ආරම්භ කළ බවත් ,එය ඉෂ්ට වී මැණික් ලැබ තම පැතුමන් ඉටු වීම නිසා රාජ්‍ය අනුග්‍රහය
ඇතිව මෙම ස්ථානයේ තෙමහල් මන්ධිරයක් කර වූ බවට ඉතිහාසයේ සඳහන් වේ.
★ඉතින් මේ ආකාරයට දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වන
සුමන සමන් දේව වන්දනය හා බැඳි සම්ප්‍රධායන් ගැන කතා කළොත්,
ඔවු ඇත්තෙන්ම එය ඉතා විශේෂයි. අතීතයේ
සිටම මහත් ගෞරවයෙන් ජනයා සමන් දෙවියනන්ව වන්දනා මාන කළා වගේම ඒ හා බැඳුණු සම්ප්‍රධායන්
ද අනුගමනය කරල තියෙනවා. සාමාන්‍යයෙන් සමන් දෙවියන් වනදනා කරන දිනය වෙන්නෙ සඳුදා වන
අතර දිශාව වන්නේ උතුරු දිශාවයි. වඩාත් සුදුසු මල් වර්ගය වන්නේ සුදු පහැති මල් ය.
“සුමන සමන් දෙවියන්ගේ නාමයෙන් ශ්‍රී පාද පත්මයට පූජා වේවා” යනුවෙන් වැඳීම මූලික ම දෙය බවට පත් වේ.
තුන් සරණය, හිමගත වර්ණනාව ,සමනල හෑල්ල වැන පැරරණි ග්‍රන්ථ වල සමන්
දෙවියන් වන්දනය පිළිබඳ විවිධ විස්තර අඩංගුව පවතී.
කෝට්ටේ සමයේ දි සමන් දෙවින් සතර වරම්
දෙවියකු යැයි සිතා මහත් ගෞරවයෙන් වැඳුම් පිදුම් කර ඇති අතර සපරගමු පළාතේ අය
විශෙෂ්යෙන්උන් වහන්සේට වන්දනාමාන කරයි. විශේෂයෙන්ම සමන් දේව වන්දනනය හා බැඳි සම්ප්‍රධායක්
වන්නේ සපරගමු පලාතේ ධන නිධානයක්
ලෙස සලකන මැනික් ඉලල්න් හෑරීමට පෙර
ඔවුන් සමන් දෙවියන්ගෙන් අවසර ලබා ගනී. මෙසේ
පුද පූජා පවත්වා බාර හාර වී ඉල්ලම් හෑරීම තුළින් මැණික් ලැබෙන බව ඔවුන්ගේ
අඳහසයි.
සෑම උදුවප් පුන් පොහෝ දිනකම ශ්‍රී පාද
වන්දනා සමය ඇරඹෙන්නේ ඊට කලින් දින සමන් දේවියන්ගේ රන් රුවත්, සඳුන් රුවත් ආභරණත් රන්සිළු ගෙයක
තැූම්පත් කර සිරිපා මළුවට වැඩම කිරීමෙන් පසුවයි. මෙය අතිතයේ සිට පැවත එන සම්ප්‍රධායකි.
ඇසළ සමන් දෙවියන්ට සබරගමු මහ සමන්
දේවාලයේ අත්‍යාලංකාර පෙරහැරක් ද පවත්වයි. සමන් දෙවියන්ට පූජා පැවැත්වීමේ දී බාර
හාර වීමේ දී අනෙකුත් දෙවි වරුන්ට මෙන් නීති පද්දති ද නොවේ.
අතීතයේ සිටම මේ ආකාරයේ සම්ප්‍රදායන්
සිදු කර ඇත. අතීතයේ මන්ත්‍රවේදීන් සිරිපා වන්දනයට ගිය පසු එහි දැල්වෙන දොලොස් මහේ
පහනින් තෙල් ගෙනවිත් එම තෙල් සුදු මල් යහනාවක් සදා පුර පක්ෂයේ බුධ දිනක මල් 7ක් මත තබා ගාථා පාඨයන් කියා මන්ත්‍රයක්
ජප කර ශරීර ආරක්ෂාවට නිවසේ සතර කොණ මුදුන් යට ලීයේ මංගල උළුවස්ස මත තැම්පත් කර ඇත. එයින් අනවිණ කොඩිවිණ භූත දෝෂ පහව යන බව
එවුන්ගේ අඳහසයි. මෙම තෙල් ලබා ගැනීමට පෙර ශ්‍රී පාදය දෝවනය කිරීම සම්ප්‍රධායයි.
ඉතිහාසයේ කියැවෙන අයුරින් සමන් දෙවියන්
හා බැඳි වතාවත් සම්ප්‍රධායන් සපරගමු මහ සමන් දේවාලය හා බැදී ඇති බව පවසයි.
සමන් දෙවියන් වැඳීමේදී සම්ප්‍රධායක් වශයෙන්
සිදු කරන දෙයක් වන්නේ දෙවියන් වැඳීමට පෙර බෞද්ධාගමික පුද සිරි’ත් වලට මුල් තැනක් ලබා දීමයි. එනම්
සියල්ලට පෙර තෙරුවන් වැදීම සිදු කරයි. මහ සමන් දොවාලය තුළ සිදු කෙරෙන කටයුතු දෙස
බැලීමෙන් ඒ බව පෙනෙයි.
සමන් දෙවියන් උදෙසා කෙරෙන සාම්ප්‍රධායික
පුද සිරිත් තේවාවන් අතර පහත ඒවා ප්‍රධාන
වේ.
දිනපතා සතිපතා
වාර්ෂික-ඇසළ පෙරහැර දුරුතු මස බක් මස කාර්තිය
වශයෙන් කොටස් 5කට බෙදා දැක්විය හැකි ය. දිනපතා පවත්වන
තේවාවන් 6කි. එනම්, අලුයම් දුරයේ තේවාව, හිල්ම තේවාව, මහ තේවාව, බොල පැන් තේවය, හැන්දෑ දුරයේ තේවාව සහ මහ තේවාව
වශයෙනි. දිනපතා පවත්වන පූජා
අලුයම් දුරයේ පවත්වන
තේවය මෙම තේවාව දිනපතා අලුයම 4.30ත් 5.00ත් අතර පැවැත්වෙන අතර මෙය සමන් දෙවියන් සඳහා
කෙරෙන ශබ්ද පූජාවකි. දවුල,
තම්මැට්ටම, හග්ගෙඩිය, හොරනනෑව වැනි වාදන භාණ්ඩ මේ සඳහා යොදා
ගනී. හිල්ම තේවය සමන්
දෙවියන්ට හීල් දානය පිදීම මේ නමින් හඳුන්වයි. එහිද අංග කිහිපයකි. ★දෙවියන්ගේ මුහණු සේදීම සඳහා පැන් ලබා
දීම “දියවඩම් තේවය”යි.
★මල් පූජා කිරීම “මල් තේවය”යි. ★දෙවියන් සහ දෙවොලට කට්ටකුමංජල් ආදී
සුවඳ දුම් ඇල්ලීම “හදුන් තේවය”යි. ★පහනක් අතින් ගත් ආලන්ති අම්මා කෙනෙකු
දෙවියන්ට ආවැඩීම “ආලන්ති තේවය”යි. මහ සමන් දෙවොලේ සෑම දාම උදෑසන
7.30ට ඝාන්ඨාරය නාද කරන අතර පසුව හේවිසි
නාදයය.ි මේ ශබ්ද පූජා මධ්‍යයේ දියවඩම් තේවය ඇරඹේ. ඉන් පසු මල් තේවය සහ ආලන්ති තේවය
සිදුකරන අතර පසුව ආලන්ති තේවය සිදු කරයි. දෙවියන් සඳහා පැන් පූජාව ඊට පසුවයි.
දෙවියන්ගේ මණ්ඬේ හෙවත් දෙවියන් ආහාර වැළඳු බදුන සෝදන්නේ ඒ පැන් වලිනි.“හිල්ම දානය” හෙවත් දෙවියන්ට “මුරතැන්” ලබා දෙන්නේ
ඉන් පසුවයි. මෙය ලබා දෙන්නේ විශේෂ
ආකාරයකට ය. මුරතැන් රාළ විසින් මුර තැන් ගෙනෙන අතර ඒවා භාර ගන්නේ බත් රාළ විසිනි.
ඔහු විසින් එය කපු මහතාට දෙන අතර දෙවියන්ට මුරතැන් ලබා දෙන්නේ කපු රාළ විසිනි.
මහ තේවය මහ තේවය යනු උදෑසන 9.30ට පමණ දෙවොලේ ඇති විහාරයට බුද්ධ
පූජාවත් දෙවියන්ට මුර පැන් පූජාවත්
පැවැත්වීම ය.
බොල පැන් තේවය පිරිසිදු
ජලය දෙවියන්ට පූජා කිරීම බොල පැන් තේවයයි. එම කටයුත්ත ඇරඹෙන්නේ පස්වරු 6.30ට පමණ ය. දෙවොලේ උඩ මලුවේ ඇති ඉපැරණි
ළිඳෙන් වතුර ගෙන ඒවා මුලුතැන් ගෙයි තැම්පත් කිරීම මෙහි දී සිදු වේ. ඇසළ පෙරහැර
සමයට මෙය තරමක් වෙනස් ආකාරයට පැවැත් වේ. හැන්දෑ දුරයේ තේවාව මෙය බුදුන් වහන්සේ උදෙසා ගිලන්පස පිදීමේ
චාරිත්‍රයයි. මහ තේවය මෙය සමන් දෙවියන්
වෙනුවෙන් පමණක් පැවැත් වේ. ඉහත කී අනු තේවයන් ද එයට අයත් වේ. දවස ගෙවී යද්දී එනම්
රාත්‍රී 9.30ට මෙය පවත්වයි. සමන් දෙවොලේ මෙම තේවයන්
දැනුදු පැවැත්වේ. අතීතයේ දී “දළුමුර” තේවයක් ද පවත්වා ඇත. මුරතැන් තේවාවෙන්
පසුව සමන් දෙවියන්ට සවුඳ සහිත බුලත් පූජා කිරීම දළුමුර තේවයයි අද මෙය අභාවයට ගොස්
ඇත. දෙවොලට එන බැතිමතුන්ට ද පූජා පැවැත්වීම
සිරිතයි. සතිපතා පවත්වන පූජා සෑම දවසකම කෙම්මුර දවස්වල බොහෝ පිරිසක් සමන්
දෙවියන් උදෙසා පූජා පවත්වයි. මෙම දිනවල සිදුකරන පූජා හරහා වැඩි ප්‍රතිඵල ලබා ගත
හැකි බව ඔවුන්ගේ අඳහසයි.
වාර්ෂිකව පැවැත්වෙන චාරිත්‍ර මේවා “කාර්ති මංගල්‍ය” නම් වේ. මෙය කොටස් 4කින් යුක්ත වේ. දුරුතු මහ කාර්තිය
බක් මහ කාර්තයි ඇසළ මහ කාර්තිය ඉල් මහ කාර්තිය යනුවෙනි. දුරුතු මහ කාර්තිය
මහ සමන් දේවාලයට අයිති එගොඩ බෙත්ම සහ
මෙගොඩ බෙත්ම වශයෙන් හදුන්වන ඉඩම් සහ කුඹුරුවල අස්වැන්න ගත් පසු “අලුත් සහල් මංගල්‍යය” පැවැත්වීම මේ නමින් හැඳින් වේ. අලුත්
සහලින් සමන් දෙවියන් පිඳීම මෙම මංගල්‍යයෙන් අදහස් කෙරේ. අලුත් සහල් මංගල්‍යය සඳහා වී කරල් කපන්නේ
උත්සවාකාරයෙනි. පෙරහැරෙහි ප්‍රධානත්වය දරන්නේ ප්‍රධාන කපු මහතා ය. වර්තමානයේ
පෙරහැර ගොස් එන අයට ලැගුම් ගැනීමට හුදෙකලා නිවසක් පිළියෙල කරයි. එම නිවස ඉදිරිපිට
මල් පැලක් ඉදිකරයි.පෙරහැරින් ගෙනා පලිහ, සඳුන් හෙප්පුව ආදී විශේෂ භාණ්ඩ එහි තැම්පත් කරයි. පහන් සහ හදුන් කූරු
දල්වා මල් පැල ඉදිරිපිට හේවිසි ශබ්ද පූජා පැවැත්වීම සිරිතයි. අලුත් සහලින් කරන
පූජාවන් මුලින්ම බුදුන්ටත් පසුව සමන් දෙවියන්ටත් පූජා කරයි. විශේෂ පූජාවක් ලෙස
මුරතැන් තේවයත් සමඟම “පස්පැණිත”සමන් දෙවියන්ට පූජා කරයි. සමන්
දෙවියන්ට මුරුතැන් පූජා කිරීමේදී වෙඩි හඩක් නැංවීම සිරිතයි. බක් මහ කාර්තිය මහ සමන් දේවාලයේ කෙරෙන තවත් වැදගත් චාරිත්‍රයක්
වන්නේ බක් මහ කාර්තිය හෙවත් අලුත් අවුරුදු උත්සවයයි. සෑම අප්‍රේල් මසකම නැකත්
එලඹෙන දවසේ සිට පුරා දවස් 5ක් පැත්වෙන මෙය “නානුමුර මංගල්‍ය” නමින් ද ඇතැම්හු හදුන්වයි.
මෙහි දී කෙරෙන වැදගත්ම චාරිත්‍රයක්
වන්නේ දෙවියන් නෑවීමේ චාරිත්‍රයයි. ඇසළ මහා කාර්තිය මෙයින් අර්ථ ගැන්වෙන්නේ ඇසළ
පෙරහැරයි.නිකිණි මස නික්ම යන්නට පෙර පවත්වන සමන් දේව වන්දනයේ ප්‍රධානම කටයුත්ත වන
ඇසළ පෙරහැරෙහි මූල්ිකම අරමුණ වන්නේ සමන් දෙවියන්ට උපහාර දැක්වීමයි.මෙය පෙරහැර 3කින් සමන්විත වේ. මුලින්ම කුඹල් පෙරහැර
දෙවනුව මහ පෙරහැර තෙවනුව දෙවොලේ පෙරහැර වශයෙනි. මේ හා බැදි සම්ප්‍රධායන්
කිහිපයකි.ඇතුලු කට්ටලේ සහ පිට කට්ටලේ, කප් සිටුවීම ආදියයි. සමන් දේවාල පෙරහැරට ආවේනික වූ මහ බඹා කෝලම මෙහි
දී විශෙෂ් වේ. ඉල් මහ කාර්තිය
සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන වාර්ශික උත්සව මාලාවේ අවසාන අංගය මෙය වේ.මෙය
පැවැත්වෙනනේ දෙසැම්බර් මාසයේ වන අතර ආරම්භය ඉල් මස පුර පසලොස්වක පොහොයට දින 4කට පෙර ය.එතැන් සිට දින 5ක් පුරා උඩ මලුව වටා මෙම පෙරහැර පැවැත්
වේ.
මේ අයුරින් දහස් දෙනාගේ ගෞරවයට සහ
වන්දනයට ලක්වන මහා ආනිසංසයෙන් සුමන සමන් දෙවු රජ වන්දනයේ සම්ප්‍රධායන් ඉහත සටහනේ
ලුහුඩින් විස්තර කර ඇත.
පෙරහැර ආශ්‍රිතව සහ විවිධ අංග ආශ්‍රිතව තවත් බොහෝ සම්ප්‍රධායන් සමන් දේව
වන්දන්ය හා බැදී පවතින බව කිව යුතු ය.
ආශ්‍රිත ග්‍රන්ථ
සමන් වෙහෙර සහ සබරගමු මහ සමන් දේවාලය
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර‐ජයන්ත හේරත්)
දිවයින
දළදා වරුණ
(ශ්‍රී දළදා මාලිගාව නකිුත් කරන බෞද්ධ සඟරාව)
විකිපිඩියා සිංහල විශ්ව කෝෂය