Sunday, December 31, 2017

සුභ නව වසරක් වේවා ******************

අදින් දවස් තුන්සිය හැට පහකට ඉස්සෙල්ලා අපි මේ වගේම රෑ 12 වෙනකල්  ඇහැරගෙන ඉඳලා අපේ හදවත් වලට ලඟින්ම ඉන්න අයට සුබ පැතුවා මට වගේම ඔයාටත්  මතකද එයාලගේ ජීවිතේ හැම හොඳ දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් අපේ ඒ ප්‍රාර්ථනය එයාලගේ ජීවිතේ එක අඩියක් හරි ඉස්සරහට තියන්න  හයියක් වෙන්න ඇති කියලා හිතපු නිසා අදත් මේ  2018 ඔයාල හැමෝගෙන්ම වාසනාවන්ත ආරම්භයට සුභ පැතුමක් එක්කරන්න මම හිතුවා.

සතුට විනෝදය ජයග්‍රහනය වගේම...,
පසුතැවීම් ඇද වැටීම් මැද්දෙ 2017 වසර නිමාවුනේ...,
ඔයාලා ජීවිතයට අමිල අත්දැකීම්  රැසක් එකතු කරමින්...,
ආරම්භ වෙන්නේ 2018 වසර, ජීවිතයට සතුට වගේම කටුක බවත්  ළං වෙයි....,
හැම දෙයක්ම අවසානයේ සතුටක් වෙයි...,
බලන්න හැරිලා 2017 වසරේ විදියට උනානෙ...,
ඉතින් මේ 2018 වසර...,

සතුට ඉතිරෙන...,
සිනහව පැතිරෙන...,
ආදරය ජීවිතයට ළං වෙන...,
තරහව වෛරය ජීවිතයෙන් පලා යන...,
වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා***************   


---ප්‍රසාදිනී කෞශල්‍යා...

Friday, December 29, 2017

සහෘද යාචකයනෙනි......




 වීදිය පුරා සැරි සරනා විට කටොර.........
නෙක් අරමුණු කරා පියාඹන උන් අතර...........
රිය සක ගැටී මතුවන දුහුවිලි වතුර...........
හිත් මල තලා ගොස් ඇත බොහෝ දුර කතර..........


වෙව්ලන දෑත් හිස් පොල් කටුවක් ද රැඳී.......
සිහිකරවයි එදා  වැලි බත් උයපු සිරි......
වාරුව නැති දෙපා හැරමිටි වාරු රැඳී........
සිහිකරවයි එදා මා අඩි තිවු අසිරි........

 
අත්පය හතර නැතිවද වැඩ කර කන්න... 
ආවද මෙතන අප හට වද දී යන්න...
දරු  මුණුපුරන් නැතිවද බොට සලකන්න...
හී සර වදන් ගිලිහෙයි ලය පුපුරන්න..


වීදිය තිඹිරි ගෙය  වූ අය පමණක් ද.....
රජ මැදුරක ඉපිද මහමග හිමි වෙත්  ද......
දරුවන් රජ කෙරූයෙන් කළ ගුණ ලද්ද......
අමතක නොකර ඔබේ වාරය පැමිණත් ද......


මව් සෙනෙහසයි ලෝකේ  ලස්සන කෙරුවේ..
පිය සෙනෙහසයි ලෝකේ සවිමත් කෙරූවේ..
එවැනිම මව් පියෙකි මහ මග යනු දැක්කේ.......
සංසාරයේ ඔබේ මව්පිය විය හැක්කේ..........  
                                                                                        පද සැකසුම_ 
                                                                                        ප්‍රසාදිනි කෞශල්‍යා වල්පොල













Saturday, December 9, 2017

නොකී සෙනෙහස




හුරු වුණේ ඇස්  කොනට ඔබේ රුව පමණි මට........
හමුවෙලත් දෑස් වෙත නොබැලුවේ ඔබේ රුව..........
දෑස් මත ලියවෙච්ච  පුංචි ආදර  සිහින........................... 
ඔබ දකීවිය බියෙන් .....................
සැඟවුණා හද තුළම ....................... 

ඔබ අෑත යන විටදී ඔබේ සුවඳ විඳගන්න................
ඔබේ ඔබේ දෑස්  වෙනතක දි ඔබේ නෙත් විඳගන්න................
හීන සඟවා ගත්ත සෙනේ පුරවාගත්ත...............
අහිංසක හදවතක් හුරු වුණා නොදැනීම...............


නිර්මාණය- ප්‍රසාදිනී කෞෂල්‍යා වල්පොල

                                               

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...