Friday, December 29, 2017

සහෘද යාචකයනෙනි......




 වීදිය පුරා සැරි සරනා විට කටොර.........
නෙක් අරමුණු කරා පියාඹන උන් අතර...........
රිය සක ගැටී මතුවන දුහුවිලි වතුර...........
හිත් මල තලා ගොස් ඇත බොහෝ දුර කතර..........


වෙව්ලන දෑත් හිස් පොල් කටුවක් ද රැඳී.......
සිහිකරවයි එදා  වැලි බත් උයපු සිරි......
වාරුව නැති දෙපා හැරමිටි වාරු රැඳී........
සිහිකරවයි එදා මා අඩි තිවු අසිරි........

 
අත්පය හතර නැතිවද වැඩ කර කන්න... 
ආවද මෙතන අප හට වද දී යන්න...
දරු  මුණුපුරන් නැතිවද බොට සලකන්න...
හී සර වදන් ගිලිහෙයි ලය පුපුරන්න..


වීදිය තිඹිරි ගෙය  වූ අය පමණක් ද.....
රජ මැදුරක ඉපිද මහමග හිමි වෙත්  ද......
දරුවන් රජ කෙරූයෙන් කළ ගුණ ලද්ද......
අමතක නොකර ඔබේ වාරය පැමිණත් ද......


මව් සෙනෙහසයි ලෝකේ  ලස්සන කෙරුවේ..
පිය සෙනෙහසයි ලෝකේ සවිමත් කෙරූවේ..
එවැනිම මව් පියෙකි මහ මග යනු දැක්කේ.......
සංසාරයේ ඔබේ මව්පිය විය හැක්කේ..........  
                                                                                        පද සැකසුම_ 
                                                                                        ප්‍රසාදිනි කෞශල්‍යා වල්පොල













1 comment:

අප මෙලොව යම් දෙයකට හඳවතින්ම ආශා කරයිද..විශ්ව නියතිය සැබෑ කරමින් එය අප වෙත ලං කරනු ඇත. ඒ යම් ප්‍රාණීය හෝ අප්‍රාණීය වස්තුවක් විය හැකිය..එසේත් ...